(ඒ වන තුරු යේසුස්වහන්සේ ගමට නොපැමිණ මාර්තා උන්වහන්සේට සම්මුඛවූ ස්ථානයේම සිටිසේක.)
එබැවින් මාර්තා යේසුස්වහන්සේ එන බව ඇසූ විට උන්වහන්සේ සම්මුඛවන්ට ගියාය. නුමුත් මරියා ගෙයි ඉඳගෙන උන්නාය.
ඈ මෙසේ කියා ගොස් ඇගේ සහෝදරීවූ මරියා රහසින් කැඳවා: ආචාරීන්වහන්සේ ඇවිත් නුඹට අඬගසනසේකැයි කීවාය.
ඈ ඒ අසා වහාම නැගිට උන්වහන්සේ ළඟට ගියාය.