යේසුස්වහන්සේ කීවේ ඔහුගේ මරණය ගැනය. ඔව්හු, නින්දේ පහසුගැනීම ගැන උන්වහන්සේ කීසේකැයි සිතුවෝය.
අහක්වෙන්න. යෞවනී මැරිලා නොව නිදන්නීයයි කීසේක. එවිට ඔව්හු උන්වහන්සේට සිනාසුණෝය.
සියල්ලෝම ඈ ගැන අඬමින්ද වැලපෙමින්ද සිටියෝය. එහෙත් උන්වහන්සේ කථාකොට: අඬන්ට එපා; ඈ මැරිලා නොවේ, නිදන්නීයයි කීසේක.
උන්වහන්සේ මෙසේ කියා, පසුව: අපගේ මිත්‍රවූ ලාසරුස් සැතපී ඉන්නේය; ඔහු පුබුදුවන පිණිස යමියි ඔවුන්ට කීසේක.
එබැවින් ගෝලයෝ උන්වහන්සේට කථාකොට: ස්වාමිනි, ඔහු සැතපී සිටී නම් ඔහුට සුවවේයයි කීවෝය.
එබැවින් යේසුස්වහන්සේ ඔවුන්ට පැහැදිලිලෙස කථාකොට: ලාසරුස් මැරිලාය.