උන්වහන්සේ ගෙට පැමිණි කල උන්වහන්සේගේ ගෝලයෝ කථාකොට: ඒ ආත්මය දුරු කරන්ට අපට බැරිවුණේ මක්නිසාදැයි රහසින් උන්වහන්සේගෙන් විචාළෝය.
එවිට ගෝලයෝ ඇවිත්: ඔබවහන්සේ ඔවුන්ට උපමාවලින් කථාකරන්නේ මක්නිසාදැයි ඇසුවෝය.
එවිට උන්වහන්සේ සමූහයන් යන්ට හැර ගෙට ගියසේක. ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: කෙතේ කිරිඳිවල උපමාව අපට තෝරාදුන මැනවයි කීවෝය.
එවිට පේතෘස් උත්තරදෙමින්: මේ උපමාව අපට තෝරාදුන මැනවයි උන්වහන්සේට කීවේය.
උන්වහන්සේ දවස් ගණනකට පසු කපර්ණවුමට නැවත ඇතුල්වූ කල, උන්වහන්සේ ගෙයි සිටින බව ආරංචිවිය.
ඔවුන්ට කෑම කන්ට පමණවත් අවකාශ නැතිවන තරමට සමූහයා නැවත රැස්වුණෝය.
උන්වහන්සේ තනියම සිටියදී දොළොස්දෙනා සමඟ උන්වහන්සේ පිරිවරා සිටි අය උපමා ගැන උන්වහන්සේගෙන් ඇසුවෝය.
උපමාවක් නැතුව උන්වහන්සේ ඔවුන්ට කථානොකළසේක. නුමුත් උන්වහන්සේ තමන්ගේම ගෝලයන්ට සියල්ල රහසේ තොරාදුන්සේක.
උන්වහන්සේ සමූහයාගෙන් වෙන්ව ගෙට ඇතුල්වූ කල ගෝලයෝ ඒ උපමාව ගැන උන්වහන්සේගෙන් ඇසුවෝය.
නුමුත් යේසුස්වහන්සේ ඔහුගේ අත අල්ලා නැගිටෙවුසේක; එවිට ඔහු නැගිට සිටියේය.
උන්වහන්සේද යාච්ඤාවෙන් මිස වෙන ආකාරයකින් මේ ජාතිය දුරුකරන්ට නුපුළුවනැයි ඔවුන්ට කීසේක.