මේක මොහුට පැමිණ කොපමණ කල්දැයි උන්වහන්සේ පියාගෙන් ඇසූ සේක. ඔහු උත්තරදෙමින්: ළදරු කාලේ පටන්ය.
ස්ත්‍රියගෙන් උපන් මනුෂ්‍යයා ස්වල්ප දවසක් පවතින්නාවූ කරදරයෙන් පූර්ණවූ කෙනෙක්ය.
එසේය, ගිනි පුපුරු උඩට නගින්නාක්මෙන් මනුෂ්‍යයා දුක් විඳීමට උපදින්නේය.
බැලුව මැනව, මම අයුතුකම සහිතව සාදනු ලැබීමි; මාගේ මෑණියෝ පාප සහිතව මා ගැබ්ගත්තාය.
දොළොස් අවුරුද්දක් මහලේ රෝගය ඇතුව සිටි ස්ත්‍රියෙක්
එවිට ඔව්හු උන්වහන්සේ ළඟට ඔහු ගෙනාවෝය. ඔහු උන්වහන්සේ දුටු කෙණෙහිම ආත්මය ඔහු තදින් වෙවුලෙවුවේය; ඔහු බිම වැටී, පෙණදමමින්, පෙරළි පෙරළී හුන්නේය.
තවද ඒ ආත්මය නොයෙක්වර ඔහු විනාශකරන පිණිස ගින්නෙහිද වතුරෙහිද හෙළීය. ඔබට යමක් කරන්ට පුළුවන් නම්, අපට අනුකම්පාකර පිහිටවුව මැනවයි කීවේය.
එසේ නම්, දසඅට අවුරුද්දක් මුළුල්ලෙහි සාතන් විසින් බැඳ සිටි, ආබ්‍රහම්ගේ දුවෙක්වූ මේ ස්ත්‍රිය ඒ බැම්මෙන් සබත් දවසේදී මුදන්ට යුතුව තිබුණා නොවේදැයි කීසේක.
දොළොස් අවුරුද්දක් මහලේ රෝගය ඇතුව, වෙදුන්ට තමාගේ සියලු සම්පත් වියදම්කොටත් කිසිවෙකුගෙන් සුවයක් ලබන්ට බැරිවූවාවූ ස්ත්‍රියෙක් පස්සෙන් ඇවිත්,
උන්වහන්සේ යද්දී, උපන්දා පටන් අන්ධවූ මනුෂ්‍යයෙකු දුටුසේක.
මවුකුස පටන් කොරවූ, පාද දුර්වලවූ කිසිකලකත් නෑවිද්දාවූ එක්තරා මනුෂ්‍යයෙක් ලුස්ත්‍රාවෙහි ඉඳගන උන්නේය.
මවුකුස පටන් කොරව සිටි එක්තරා මනුෂ්‍යයෙක් ගෙනයනු ලැබුවේය. ඔහු මාළිගාවට ඇතුල්වෙන්නන්ගෙන් සිඟමන් ඉල්ලන පිණිස සුදර්ශන දොරටුවයයි කියන මාළිගාවේ දොරටුව ළඟ දවස්පතා තබනලද්දේය.
මක්නිසාද මේ ආශ්චර්යයෙන් සුවකරනු ලැබූ මනුෂ්‍යයා සතළිස් අවුරුද්දකට වඩා වයස්ව සිටියේය.
එහි අට අවුරුද්දක් අංශභාග රෝගියෙක්ව ඔත්පළව හුන් අයිනෙයස් නම් එක්තරා මනුෂ්‍යයෙක් ඔහුට සම්බවුණේය.