ඔවුන් තමුන්ගේ ගෙවලට නිරාහාරයෙන් යන්ට හැරියෙම් නම් ඔවුන් මාර්ගයේදී ක්ලාන්තවෙනවා ඇත; ඔවුන්ගෙන් සමහරෙක් දුර සිට ඇවිත් සිටිතියි කීසේක.
නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.
සමූහයා කෙරෙහි අනුකම්පා ඇත්තෙමි, මක්නිසාද ඔව්හු දැනට තුන් දවසක් මා ළඟ සිටිති, ඔවුන්ට කන්ට කිසිවක් නැත.
උන්වහන්සේගේ ගෝලයෝ උත්තරදෙමින්: මෙහි වනාන්තර ස්ථානයකදී මොවුන් කෑමෙන් තෘප්තිමත්කරන්ට කාට පුළුවන්දැයි උන්වහන්සේට කීවෝය.