එකල ඔව්හු වික්කල් බිහිරෙකු උන්වහන්සේ වෙතට ගෙනැවිත්, ඔහු පිට අත තබන ලෙස උන්වහන්සේගෙන් උදක්ම ඉල්ලුවෝය.
මාගේ කුඩා දුව මරණාසන්නව සිටින්නීය. ඈ සුවවී ජීවත්වන පිණිස ඔබ ඇවිත් ඈ පිට අත් තැබුව මැනවයි උන්වහන්සේගෙන් බොහෝසෙයින් ඉල්ලුවේය.
එවිට ඔහුගේ කන් ඇරී, දිවේ බැඳුම් මිදී ඔහු පැහැදිලි ලෙස කථාකෙළේය.
උන්වහන්සේ ගොළු යක්ෂයෙකු දුරුකරමින් සිටිසේක. තවද යක්ෂයා දුරුවූ කල ගොළුවා කථාකෙළේය; සමූහයෝ පුදුමවූවෝය.