Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



මාක් 6:5

Sinhala Revised Old Version

එහිදී රෝගීන් ස්වල්පදෙනෙකු පිට අත් තබා සුවකළා මිස වෙන කිසි බලවත් ක්‍රියාවක් කරන්ට උන්වහන්සේට නොහැකිවූයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

ඉක්මන්කරන්න, ගැළවෙන්ට එතැනට දුවන්න; මක්නිසාද නුඹ එතැනට පැමිණෙනතුරු කිසිවක් කළ නොහැක්කෙමියි ඔහුට කීසේක. එබැවින් ඒ නුවරට ‍ශොවර් යන නම කියනලදී.

ඒ තැනන්වහන්සේ ඔහුගෙන් ජය නොලැබෙන බව දුටු විට ඔහුගේ කළවා සන්ධියට ගැසූසේක; යාකොබ්ගේ කළවා සන්ධියද උන්වහන්සේ සමඟ පොරබදද්දී ඇදීගියේය.

ඔවුන්ගේ ඇදහිලි නැතිකම නිසා උන්වහන්සේ එහිදී බොහෝ ආශ්චර්යයන් නොකළසේක.

මාගේ කුඩා දුව මරණාසන්නව සිටින්නීය. ඈ සුවවී ජීවත්වන පිණිස ඔබ ඇවිත් ඈ පිට අත් තැබුව මැනවයි උන්වහන්සේගෙන් බොහෝසෙයින් ඉල්ලුවේය.

යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඔබට පුළුවන් නම්! විශ්වාසකරන්නාට සියල්ල පුළුවනැයි කීසේක.

තවද පබ්ලියස්ගේ පියා උණෙන් සහ රක්තාතිසාරයෙන් පීඩිතව ඔත්පළව උන්නේය. පාවුල් ඔහු උන් තැනට ගොස් යාච්ඤාකොට, ඔහු පිට අත් තබා, ඔහු සුවකෙළේය.

මක්නිසාද ඔවුන්ට මෙන් අපටත් ශුභාරංචිය දේශනාකරනලද්දේය. නුමුත් ඇසූවන් සමඟ ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නොවූ බැවින් ඇසූ වචනය ඔවුන්ට ප්‍රයෝජනවත් නොවීය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්