නුඹේ නම මොකදැයි උන්වහන්සේ ඔහුගෙන් ඇසූසේක. මගේ නම ලෙගියොන්ය; මක්නිසාද අපි බොහෝ දෙනෙක් වමුයයි ඔහු කීය.
එවිට ඔහු ගොස් තමාට වඩා දුෂ්ටවූ වෙන ආත්මයන් සත්දෙනෙකු තමා කැටුව ගෙන එන්නේය, ඔව්හු ඇතුල්ව එහි වාසයකරති. එසේ ඒ මනුෂ්‍යයාගේ පළමු ස්වභාවට වඩා අන්තිම ස්වභාව නපුරුවන්නේය. මේ නපුරු පරම්පරාවටද එසේම වන්නේයයි කීසේක.
දේවදූතයන් ලෙගියොන් දොළොසකට වඩා මා ළඟට මේ දැන් එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්ට මට බැරියයි නුඹ සිතනවාද?
රටෙන් තමුන් දුරු නොකරන හැටියට ඔහු බොහෝසෙයින් උන්වහන්සේගෙන් ඉල්ලුවේය.
යේසුස්වහන්සේ ළඟට පැමිණ, ලෙගියොන් නම් යක්ෂාවේශවූ මනුෂ්‍යයා වස්ත්‍ර හැඳ සිහි ඇතුව වාඩිවී ඉන්නවා දැක, භයවූවෝය.
එසේ කීවේ: අශුද්ධාත්මය, මොහුගෙන් දුරුවෙවයි උන්වහන්සේ ඔහුට කී නිසාය.
නුඹේ නම කිමෙක්දැයි යේසුස්වහන්සේ ඔහුගෙන් ඇසූසේක. ඔහුට බොහෝ යක්ෂයන් ආවේශව සිටි නිසා, ඔහු ලෙගියොන්යයි කීවේය.