දොළොස් අවුරුදු වයස්වූ ඒ යෞවනී එකෙණෙහිම නැගිට ඇවිද්දාය. එකෙණෙහිම ඔව්හු මහත් විස්මයකින් විස්මිත වූවෝය.
එකල ඔවුන්ගේ පුදුමය කෙතරම් වීදයත්, සියල්ලෝම: මේ කිමෙක්ද? අලුත් ඉගැන්වීමක්ය. මුන්වහන්සේ බලයෙන් යුක්තව අශුද්ධාත්මයන්ට පවා අණකරනසේක, ඔව්හු උන්වහන්සේට කීකරුවෙතියි ඔවුනොවුන් අතරේ කථාකරගත්තෝය.
ඔව්හු ඉතා යහපත්වී: සුළඟ සහ මුහුද පවා මුන්වහන්සේට කීකරුවීමට මුන්වහන්සේ කවරෙක්දැයි එකිනෙකා කථාකරගත්තෝය.
ඇගේ අත අල්ලා: තලීතාකූමි කියා ඈට කීසේක; එහි අර්ථය–යෞවනිය, නැගිටින්නැයි නුඹට කියමි යනුය.
උන්වහන්සේ මෙය කිසිවෙකු දැන නොගන්නා ලෙස ඔවුන්ට තදින් අණකොට, ඈට කෑම දෙන්ට කීසේක.
ඔවුන් වෙතට ගොස් ඔරුවට නැගුණුසේක; එකල සුළඟ නැවතුණේය. ඔව්හු තමුන් තුළ අතිශයින් විස්මපත්වූවෝය;
තවද ඔව්හු අප්‍රමාණලෙස මවිතව: උන්වහන්සේ සියල්ල යහපත්ලෙස කළසේක. උන්වහන්සේ බිහිරන්ට පවා ඇසෙන්ටත් ගොළුවන්ට කථාකරන්ටත් සලස්වනසේකැයි කීවෝය.