මක්නිසාද විලංගුවලින්ද දම්වැල්වලින්ද බොහෝ වර බඳිනු ලැබූ නුමුත් ඔහු දම්වැල් කඩාදමා විලංගු බිඳදැම්මේය. ඔහු දමනයකරන්ට කිසිවෙකුට ශක්තිය නොවීය.
ඔව්හු ඔහුගේ පාද විලංගු ලා රිදෙවුවෝය; ඔහු යදම්වලින් බඳිනලද්දේය.
ඔහු සොහොන් ගෙවල වාසයකෙළේය. දම්වැලකින් පවා ඔහු තවත් නවත්වන්ට කිසිවෙකුට නුපුළුවන්විය.
ඔහු නිතරම රෑ දාවල් මොරගසමින්ද ගල්වලින් කපාගනිමින්ද සොහොන් ගෙවල්හිත් කඳුවලත් සිටියේය.
මක්නිසාද ඒ මනුෂ්‍යයාගෙන් දුරුවෙන්ට උන්වහන්සේ අශුද්ධාත්මයට අණකළසේක. අශුද්ධාත්මය වනාහි නොයෙක් වර ඔහු අල්ලාගත් බැවින්, දම්වැල්වලින්ද විලංගුවලින්ද බැඳ ඔහු රැකවල්කරනලද්දේය; ඔහු වනාහි බැඳුම් කඩාදැමුවේය, යක්ෂයා විසින් වනාන්තරවලට ඔහු එලවනලද්දේය.