එකෙණෙහිම යේසුස්වහන්සේ තමන් කෙරෙන් නිකුත් වන ආනුභාව පිටවී ගිය බව දැන, සමූහයා මැද හැරී: මාගේ වස්ත්‍රවලට අතගැසුවේ කවුදැයි ඇසූසේක.
උන්වහන්සේගේ ගෝලයෝ: ඔබට තෙරපීගන සිටින්නාවූ සමූහයා දැක දැකත්-මට අතගැසුවේ කවුද කියා අසනසේක්දැයි කීවෝය.
ඒ දවස්වලින් එකකදී උන්වහන්සේ උගන්වන කල, ගලීලයේ හා යුදයේ සෑම ගම්වලින්ද යෙරුසලමෙන්ද ආවාවූ ඵරිසිවරුත් ව්‍යවස්ථාව උගන්වන්නොත් එහි හිඳගෙන උන්නෝය. සුවකරන පිණිස ස්වාමීන්වහන්සේගේ ආනුභාවය උන්වහන්සේ සමඟ වූයේය.
උන්වහන්සේගෙන් ආනුභාවය නික්මවිත් ඔවුන් සියල්ලන් සුවකළ බැවින්, මුළු සමූහයා උන්වහන්සේට අතගසන්ට උත්සාහකළෝය.
එහෙත් යේසුස්වහන්සේ: කවුරු නුමුත් මට අතගැසුවේය. මක්නිසාද මාගෙන් ආනුභාවය නිකුත්වූ බව මට දැනුණේයයි කීසේක.
නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.