ඔව්හු සමූහයා අත්හැර, උන්වහන්සේ සිටි ලෙසම ඔරුවේ තමුන් සමඟ උන්වහන්සේ ගෙනගියෝය. ඒ සමඟ වෙනත් ඔරුද තිබුණේය.
උන්වහන්සේ ඔරුවකට නැගුණු කල ගෝලයෝ උන්වහන්සේ අනුව ගියෝය.
සමූහයාගෙන් උන්වහන්සේ නොතෙරපෙන පිණිස තමන්ට කුඩා ඔරුවක් සූදානම්ව තිබිය යුතුයයි උන්වහන්සේ ගෝලයන්ට කීසේක.
නැවතත් උන්වහන්සේ මුහුද අද්දර උගන්වන්ට පටන්ගත්සේක. එකල ඉතා මහත් සමූහයක් උන්වහන්සේ වෙතට රැස්වූ බැවින් උන්වහන්සේ මුහුදේ ඔරුවකට නැගී වැඩහුන්සේක; මුළු සමූහයාද මුහුද ළඟ ගොඩ සිටියෝය.
එවිට සැඩ සුළඟක් හමා, ඔරුව පිරෙන තරමට ඒ තුළට රැළ ගැසුවේය.
උන්වහන්සේ ඔරුවෙන් බැස්ස කෙණෙහිම අශුද්ධාත්මයක් ආවේශවූ මනුෂ්‍යයෙක් සොහොන් ගෙවලින් පිටත්ව එනවා උන්වහන්සේට සම්බවිය.
යේසුස්වහන්සේ නැවත ඔරුවෙන් එගොඩවූ කල මහත් සමූහයක් උන්වහන්සේ ළඟට රැස්වූවෝය. උන්වහන්සේද මුහුද ළඟ සිටිසේක.
එවිට ඔව්හු පමණක් ඔරුවෙන් වනාන්තර ස්ථානයකට ගියෝය.
තවද ඒ දවස්වලින් එකකදී උන්වහන්සේ තමන් ගෝලයන් සමඟ ඔරුවකට නැගී: අපි විලෙන් එගොඩ යමුයයි ඔවුන්ට කීසේක. එවිට ඔව්හු ඔරුව දියත්කළෝය.