මක්නිසාද යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලැබේ. යමෙකුට නැත්තේද ඔහුට ඇති දේ පවා ඔහුගෙන් ගනු ලැබේයයි කීසේක.
මක්නිසාද යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලැබෙන්නේය, ඔහුට බොහෝ වන්නේය. නුමුත් යමෙකුට නැත්තේද ඔහුට ඇති දේත් ඔහුගෙන් ගනු ලබන්නේය.
තවද උන්වහන්සේ කියනසේක්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය වනාහි මනුෂ්‍යයෙකු විසින් පොළොවෙහි බීජ වැපිරීමට සමානය.
එබැවින් නුඹලා අසන්නේ කෙසේද කියා බලාගන්න. මක්නිසාද යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලබන්නේය; යමෙකුට නැත්තේද ඔහුට ඇතැයි සිතන දේත් ඔහුගෙන් පැහැරගනු ලබන්නේයයි කීසේක.
මා තුළෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහකරනසේක. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍රකරනසේක.