Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



මාක් 3:9

Sinhala Revised Old Version

සමූහයාගෙන් උන්වහන්සේ නොතෙරපෙන පිණිස තමන්ට කුඩා ඔරුවක් සූදානම්ව තිබිය යුතුයයි උන්වහන්සේ ගෝලයන්ට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

උන්වහන්සේ සමූහයන් යන්ට හැර, ඔරුවට නැගී, මගදන් සීමාවලට පැමිණිසේක.

නැවතත් උන්වහන්සේ මුහුද අද්දර උගන්වන්ට පටන්ගත්සේක. එකල ඉතා මහත් සමූහයක් උන්වහන්සේ වෙතට රැස්වූ බැවින් උන්වහන්සේ මුහුදේ ඔරුවකට නැගී වැඩහුන්සේක; මුළු සමූහයාද මුහුද ළඟ ගොඩ සිටියෝය.

ඔව්හු සමූහයා අත්හැර, උන්වහන්සේ සිටි ලෙසම ඔරුවේ තමුන් සමඟ උන්වහන්සේ ගෙනගියෝය. ඒ සමඟ වෙනත් ඔරුද තිබුණේය.

උන්වහන්සේ ඔරුවෙන් බැස්ස කෙණෙහිම අශුද්ධාත්මයක් ආවේශවූ මනුෂ්‍යයෙක් සොහොන් ගෙවලින් පිටත්ව එනවා උන්වහන්සේට සම්බවිය.

එකෙණෙහිම යේසුස්වහන්සේ තමන් කෙරෙන් නිකුත් වන ආනුභාව පිටවී ගිය බව දැන, සමූහයා මැද හැරී: මාගේ වස්ත්‍රවලට අතගැසුවේ කවුදැයි ඇසූසේක.

එවිට ඔව්හු පමණක් ඔරුවෙන් වනාන්තර ස්ථානයකට ගියෝය.

තවද උන්වහන්සේ ගෙන්නෙසරෙත්නම් විල ළඟ සිටියදී සමූහයෝ දෙවියන්වහන්සේගේ වචනය අසමින් උන්වහන්සේට තෙරපීගන සිටියෝය.

උන්වහන්සේ ඒ ඔරුවලින් එකක් වන සීමොන්ගේ ඔරුවට නැගී, ගොඩින් ටිකක් ඈත්කරන්ට ඔහුගෙන් ඉල්ලා, ඔරුවෙහි වැඩහිඳගන සමූහයන්ට ඉගැන්වූසේක.

එබැවින් රජකමට පත්කරගන්නා පිණිස තමන්වහන්සේ බලාත්කාරයෙන් අල්ලාගන්ට ඔවුන් එන බව යේසුස්වහන්සේ දැන, නැවත තනියම කන්දට ගියසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්