ඔවුන්ට කථාකොට–සබත් දවසේදී සුදුසුවන්නේ යහපත කිරීමද නොහොත් නපුර කිරීමද? ප්‍රාණයක් ගැළවීමද නොහොත් නාස්තිකිරීමදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නුමුත් ඔව්හු කථා නොකර සිටියෝය.
මම පූජාවට නොව කරුණාවටත් දවන පූජාවලට වඩා දෙවියන්වහන්සේ ඇඳිනගැන්මටත් කැමැත්තෙමි.
උන්වහන්සේ: නැගිට ඉදිරියට එන්නැයි වියළුණු අත ඇති මනුෂ්‍යයාට කියා,
උන්වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම නිසා දුක්වී, උදහසින් ඔවුන් වටකර බලා: නුඹේ අත දිගුකරන්නැයි ඒ මනුෂ්‍යයාට කීසේක. ඔහු එය දිගුකෙළේය. එවිට ඔහුගේ අත සුවවිය.
නුමුත්: වඩා උතුම් තැනැත්තා කවුදැයිකියා ඔවුන් මාර්ගයේදී තමුන් අතරේ විවාදකළ බැවින් ඔව්හු කථා නොකර සිටියෝය.
එවිට යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සබත් දවසේදී යුතුවන්නේ යහපතක් කිරීමද? නොහොත් නපුරක් කිරීමද? ප්‍රාණයක් ගැළවීමද? නොහොත් නැතිකිරීමදැයි නුඹලාගෙන් අසමියි කීසේක.