එය තුන්වෙනි පැය විය, ඔව්හු උන්වහන්සේ කුරුසියෙහි ඇණ ගැසුවෝය.
සවෙනි පැය පටන් නවවෙනි පැය දක්වා දේශය මුළුල්ලෙහි අන්ධකාරයක් විය.
හවෙනි පැය පැමුණුණ විට, නවවෙනි පැය දක්වා රට මුළුල්ලේ අන්ධකාරයක් විය.
නවවෙනි පැයේදී යේසුස්වහන්සේ: එලොයි, එලොයි, ලාමා සබක්තානි කියා මහත් හඬින් මොරගැසූසේක. එහි අර්ථය නම්, මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද යනුය.
ඒ වේලාව සවෙනි පැය පමණ විය, ඉර එළිය නැතිවී, නවවෙනි පැය දක්වා දේශය මුළුල්ලෙහි අන්ධකාරයක් විය.
ඒ වනාහි පාස්කුව සූදානම්කිරීමේ දවසේ හවෙනි පැය පමණ විය. ඔහු: මෙන්න, නුඹලාගේ රජ! යයි යුදෙව්වරුන්ට කීවේය.
මක්නිසාද දැනට දවල් තුන්වෙනි පැය පමණක් බැවින් නුඹලා සිතන්නා සේ මොවුන් මත්වෙලා නොවේ.