නුමුත් ඔහු: නුඹලා කියන ඒ මනුෂ්‍යයා නාඳුනමියි කියා දෙස් තබාගන්නටද දිවුරන්ටද පටන්ගත්තේය.
ඒ කාලයේදී ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් හීනකරන්ට පටන්ගත්සේක.
සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ, ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද?
නුමුත් ඔහු නැවතත්: නැතැයි කීවේය. ස්වල්ප වේලාවකට පසු නැවත ළඟ සිටිය අය: සැබෑවටම නුඹ ඔවුන්ගෙන් එක්කෙනෙක්ය; මක්නිසාද නුඹ ගලීලයෙක්යයි පේතෘස්ට කීවෝය.
එකෙණෙහිම කුකුළා දෙවෙනි වර හඬලීය. කුකුළා දෙවරක් හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන්වරක් කියන්නෙහියයි යේසුස්වහන්සේ තමාට කී වචනය පේතෘස් සිහිකොට, ඒ ගැන සිත සිතා හැඬුවේය.
එහෙයින් තමා කෙලින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලාගනීවා.