නැගිටින්න, අපි යමු. මෙන්න, මා පාවාදෙන්නා ළඟයයි කීසේක.
නැගිටින්න, අපි යමු. අන්න, මා පාවාදෙන්නා ළඟ යයි කීසේක.
උන්වහන්සේ තුන්වෙනි වර ඇවිත් ඔවුන්ට කියනසේක්: දැන් නිදාගන නිවාඩු ගන්න; ඉතින් ඇත; පැය පැමිණ තිබේ; මෙන්න, මනුෂ්‍ය පුත්‍රයා පව්කාරයන්ගේ අත්වලට පාවාදෙනු ලබයි.
එකෙණෙහිම, උන්වහන්සේ කථාකරද්දීම, දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස්ද ඔහු සමඟ නායක පූජකයන් ලියන්නන් හා වැඩිමහල්ලන් කෙරෙන් සමූහයක්ද කඩු මුගුරු රැගෙන ආවෝය.