නුමුත් එහි සිටි සමහරෙක් තම තමුන් අතරේ කිපී:
තවද සියලු ආකාර වෙහෙසත් සියලු දක්ෂ වැඩත් නිසා මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් ඊර්ෂ්‍යයාව විඳින බව දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.
එවිට දසදෙන ඒ අසා ඒ සහෝදරයන් දෙදෙනා ගැන කිපුණෝය.
උන්වහන්සේ බෙතානියෙහි කුෂ්ඨ රෝගීවු සීමොන්ගේ ගෙයි කෑමට ඉඳගෙන ඉඳද්දී ස්ත්‍රියෙක් ඉතා අනර්ඝවූ ජටාමාංස තෙලින් පිරූ සුදුගල් කරඬුවක් ගෙනැවිත්, ඒ කරඬුව බිඳ, උන්වහන්සේගේ හිසේ වත්කළාය.
මේ තෙල නාස්තිකළේ කුමක් නිසාද? මේ තෙල මසු තුන්සියයකට වැඩියෙන් විකුණා දිළිඳුන්ට දෙන්ට පුළුවන්ව තිබුණේය කියා ඈට විරුද්ධව කොඳුළෝය.