නුමුත් ඔහු: මට ඔබවහන්සේ සමඟ නසින්ට වෙතත්, ඔබ නාඳුනමියි කියන්නේ නම් තැතැයි ඉතා තදලෙස කීවේය. ඔවුන් සියල්ලෝද එසේම කීවෝය.
එවිට ඵාරාවෝ ඔහුට කථාකොට: නුඹේ රටට යන්ට හදන්නේ මා ළඟ නුඹට මොන හිඟයක් වීදැයි ඇසුවේය. හිඟයක් නැත, එහෙත් කොහොම නුමුත් මට යන්ට අවකාශ දුනමැනවැයි ඔහු උත්තරදුන්නේය.
හසායෙල්ද: බල්ලෙක් වැනිවූ ඔබගේ මෙහෙකරුවා විසින් ඒ බරපතළ දේ කරන්ට ඔහු කවුදැයි කීවේය. එලිෂා: නුඹ සිරිය කෙරෙහි රජ වෙන බව ස්වාමීන්වහන්සේ මට පෙන්වා තිබේයයි කීවේය.
මම වනාහි සැපතේදී කථාකොට: කිසිකලෙකත් නොසෙල්වන්නෙමියි කීමි.
එවිට මුළු සෙනඟ එක්ව උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ කී සියල්ලම කරන්නෙමුයයි කීවෝය. මෝසෙස් සෙනඟගේ වචන ස්වාමීන්වහන්සේට සැලකළේය.
විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුයෙන් අහංකාර සිතද වෙයි.
බොහෝ මිත්‍රයන් ඇතිකරගන්නා නාස්තියට පැමිණේ; එහෙත් සහෝදරයෙකුට වඩා ඇලුම්වෙන මිත්‍රයෙක් ඇත්තේය.
මනුෂ්‍යයෙකුගේ උඩඟුකම ඔහු පහත හෙළයි; එහෙත් සිතින් පහත්ව සිටින්නා ගෞරව ලබයි.
ස්වාමීන්වහන්ස, මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.
සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ, ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද?
නුමුත් මනුෂ්‍යයන් ඉදිරියෙහිදී: ඔහු නාඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියෙහිදී මමත්: ඔහු නාඳුනමියි කියන්නෙමි.
අපට පුළුවනැයි ඔව්හු උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේද: මා බොන කුසලානෙන් නුඹලා බොන්නහුය; මා ලබන බව්තීස්මයෙන් බව්තීස්මකරනු ලබන්නහුය.
යේසුස්වහන්සේද: සැබවක් නුඹට කියමි–අද, මේ රාත්‍රියේම. කුකුළා දෙවරක් හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන් වරක් කියන්නෙහියයි ඔහුට කීසේක.
ඔව්හු ගෙත්සෙමනේ නම්වූ ස්ථානයකට පැමුණුණෝය. උන්වහන්සේද: මා යාච්ඤාකරන අතර නුඹලා මෙහි ඉන්නැයි ගෝලයන්ට කීසේක.
නුමුත් උන්වහන්සේ කුරුසියෙහි ඇණගසන ලෙසම ඔව්හු වඩ වඩා ශබ්දනගා ඉල්ලා සිටියෝය. තවද ඔවුන්ගේ මොරගැසීමට ජය ලැබුණේය.
පේතෘස් උන්වහන්සේට කථාකොට: ස්වාමීනි, දැන්ම ඔබ අනුව මට එන්ට බැරි මක්නිසාද? ඔබ නිසා මාගේ ජීවිතය දෙමියි කීවේය.