ගෙය උඩ සිටින්නා බසින්ටවත් තමාගේ ගෙයින් කිසිවක් ගන්නා පිණිස එහි ඇතුල්වෙන්ටවත් නොයෙදේවා.
ඉක්මන්කරන්න, ගැළවෙන්ට එතැනට දුවන්න; මක්නිසාද නුඹ එතැනට පැමිණෙනතුරු කිසිවක් කළ නොහැක්කෙමියි ඔහුට කීසේක. එබැවින් ඒ නුවරට ශොවර් යන නම කියනලදී.
එහෙත් ඔහුගේ භාර්යාව ඔහුට පිටිපසින් යමින් ආපසු බැලුවාය, ඈ වනාහි ලුණු කණුවක් වූවාය.
සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: හම වෙනුවට හමත්, එසේය, තමාගේ ප්‍රාණය වෙනුවට තමාට ඇති සියල්ලත් මනුෂ්‍යයා දෙන්නේය.
නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි; එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති.
කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍ර ගන්ට හැරී ආපසු නොයේවා.
කෑම කා තෘප්තියට පැමුණුණ විට ඔව්හු ධාන්‍ය මුහුදට දමා නැව සැහැල්ලුකළෝය.
ඇදහිල්ලෙන්, නෝවා ඒ වන තුරු නුදුටු දේ ගැන දෙවියන්වහන්සේ විසින් දන්වනු ලැබ, දේවභයින් පෙලඹී, තමාගේ පවුල ගැළවීමට නැවක් සෑදුවේය; එයින් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන ධර්මිෂ්ඨකමට උරුමක්කාරයෙක් වූයේය.