උන්වහන්සේ දේවමාළිගාවෙන් පිටත්ව යද්දී උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්: ආචාරිනි, බැලුව මැනව, කොයි ආකාර ගල්ද, කොයි ආකාර ගොඩනැගිලිද! කියා උන්වහන්සේට කීයේය.
යෙරෙමියා සෙරායාට කියනුයේ: නුඹ බබිලෝනියට පැමිණි කල මේ සියලු වචන කියවා කථාකොට–
කෙරුබ්වරු පිටතට යන විට තමුන්ගේ පියාපත් ඔසවා මාගේ ඇස් හමුවෙහි පොළොවෙන් නැංගෝය, රෝදත් ඔවුන් එක්කම නැංගෝය. ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ නැගෙනහිර දොරකඩ සිටියෝය; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජසද ඔවුන්ට උඩින් තිබුණේය.
එවිට ස්වාමීන්වහන්සේගේ තේජස කෙරුබ් කෙරෙන් නැගී ගෘහයේ එළිපත්ත මතුයෙහි නැවතුණේය; ගෘහය වලාකුළෙන් පිරුණේය, මළුවද ස්වාමීන්වහන්සේගේ තේජසේ දීප්තියෙන් පිරුණේය.
උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කරන දේ එනම් මා විසින් මාගේ ශුද්ධස්ථානයෙන් දුරුව යන හැටියට ඉශ්‍රායෙල් වංශය මෙහි කරන මහත් පිළිකුල්කම් නුඹට පෙනෙන්නේද? එහෙත් නුඹ තව මහත් පිළිකුල් දේ නැවතත් දකින්නෙහියයි මට කීසේක.