Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



මාක් 12:42

Sinhala Revised Old Version

දිළිඳු වැන්දඹුවක් ඇවිත් ශතයක් වටිනා සල්ලි දෙකක් දැමුවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

අනේ, නුඹ මාගේ මවුගේ පියයුරුවලින් කිරි බීවාවූ මාගේ සොහොයුරා මෙන් වී නම් කැමැත්තෙමි! එවිට පිටතදී නුඹ මට සම්බවූ කල සිඹගත්තත්, කිසිවෙක් හෙළා නොදක්නේය.

යමෙක් ගෝලයෙකු නිසා මේ කුඩා අයවලුන්ගෙන් එක්කෙනෙකුට ඇල්වතුර කෝප්පයක් පමණවත් බොන්ට දෙන්නේ නම් ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේයයි සැබවින් නුඹලාට කියමියි කීසේක.

සැබවක් නුඹට කියමි: අන්තිම සල්ලිය ගෙවනතුරු නුඹ කිසිසේත් එයින් පිටවී නොඑන්නෙහිය.

උන්වහන්සේ මුදල් ගබඩාව ඉදිරියෙහි වැඩහිඳ සෙනඟ ගබඩාවට මුදල් දමන හැටි බලාහුන්සේක. වස්තුකාරයෝ බොහෝ දෙනෙක් හුඟක් දැමුවෝය.

උන්වහන්සේ ගෝලයන් තමන් වෙතට කැඳවා: සැබවක් නුඹලාට කියමි–ගබඩාවේ මුදල් දමන සියල්ලන්ට වඩා මේ දිළිඳු වැන්දඹුව දැමුවාය.

අන්තිම සල්ලිය ගෙවන තුරු නුඹ එතනින් පිටවී නොඑන්නෙහියයි නුඹට කියමියි කීසේක.

එක්තරා දිළිඳු වැන්දඹුවක් කුඩා මිල දෙකක් එහි දමනවාත් උන්වහන්සේ දැක:

මක්නිසාද මනාපය තිබේ නම්, යමෙකුට නැති දේ ප්‍රකාරයට නොව ඇති දේ ප්‍රකාරයට පිළිගනු ලැබේ.

එනම්, බොහෝ දුක්විඳීම නමැති පරීක්ෂාවකදී ඔවුන්ගේ ප්‍රීතිය වැඩිවූ බවත්, ඔවුන්ගේ මහත් දිළිඳුකමේ ප්‍රමාණයට ඔවුන් ඔවුන්ගේ තෑගිවන්තකම නමැති ධනයෙන් වැඩිවූ බවත්ය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්