යේසුස්වහන්සේද ඔවුන්ට කියනසේක්: නුඹලාගෙන් එක් ප්‍රශ්නයක් අසමි, මට උත්තරදෙන්න, එවිට මම මේ දේවල් කරන්නේ මොන බලයක් පිටදැයි නුඹලාට කියන්නෙමි.
බලව, මාගේ සේවකයා නුවණින් ක්‍රියාකරමින් උසස්වී උතුම්වී, ඉතා උත්කෘෂ්ට වෙනවා ඇත.
යේසුස්වහන්සේ උත්තරදෙමින්: මමත් නුඹලාගෙන් එක ප්‍රශ්නයක් අසමි-නුඹලා ඒක මට කියන්නහුනම් මමද මේ කාරණා අසවල් බලයෙන් කරමියි නුඹලාට එසේම කියන්නෙමි.
නුඹ කවර බලයක් පිට මේ දේ කරන්නෙහිද? නොහොත් මේ දේවල් කරන්ට මේ බලය නුඹට දුන්නේ කවුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
යොහන්ගේ බව්තීස්මය වූයේ ස්වර්ගයෙන්ද නොහොත් මනුෂ්‍යයන්ගෙන්ද? මට උත්තරදෙන්නැයි ඔවුන්ට කීසේක.