ඔව්හු නැවත යෙරුසලමට ආවෝය. උන්වහන්සේ දේවමාළිගාවේ සක්මන් කරන කල නායක පූජකයෝද ලියන්නෝද වැඩිමහල්ලෝද උන්වහන්සේ වෙතට ඇවිත්:
මෙන්න, මාගේ දූතයා එවමි, ඔහු මට පෙරටුව මාර්ගය පහදන්නේය. එවිට නුඹලා සොයන ස්වාමීන්වහන්සේ හදිසියෙන් තමන් මාළිගාවට එනසේක; එසේය, නුඹලා ආශාවන ගිවිසුමේ දූතයා එන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
නුඹ කවර බලයක් පිට මේ දේ කරන්නෙහිද? නොහොත් මේ දේවල් කරන්ට මේ බලය නුඹට දුන්නේ කවුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
පාස්කුවද මුහුන් නොදැමූ රොටි කන මංගල්‍යයද දෙදවසකට පසු පැමිණෙන්ට තිබුණේය. නායක පූජකයෝද ලියන්නෝද උන්වහන්සේ ප්‍රයෝගයෙන් අල්ලා මරන්නේ කෙසේද කියා සොයමින් සිටියෝය.
ඒ කාලය ශීත සෘතුවය; යේසුස්වහන්සේ දේවමාළිගාවේ සාලමොන්ගේ ද්වාරමණ්ඩපයේ සක්මන්කරමින් සිටිසේක.
යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: මම ප්‍රසිද්ධයෙන් ලෝකයාට කථාකෙළෙමි; සියලු යුදෙව්වරුන් රැස්වන්නාවූ සිනගෝගවලදීත් දේවමාළිගාවේදීත් නිතර ඉගැන්වීමි; රහසින් කිසිවක් කථානොකෙළෙමි.