සවස්වූ කල්හි උන්වහන්සේ නුවරින් පිටත්ව ගියසේක.
උන්වහන්සේ ඔවුන් අත්හැර නුවරින් පිටත්ව බෙතානියට ගොස්, එහි සිටිසේක.
උන්වහන්සේද යෙරුසලමට පැමිණ, දේවමාළිගාවට ඇතුල්ව, අවට සියල්ල බලා, සවස්වී තිබුණු බැවින් දොළොස්දෙනා සමඟ බෙතානියට පිටත්ව ගියසේක.
උන්වහන්සේ දවාලේ දේවමාළිගාවෙහි උගන්වමින් සිට, රාත්‍රියේ පිටත්ව ගොස්, ඔලීව නම් කන්දේ නැවතී සිටිසේක.
නුඹලා ආලෝකයේ පුත්‍රයන් වන පිණිස ආලෝකය නුඹලාට තිබෙද්දී ආලෝකය කෙරෙහි අදහාගන්නැයි කීසේක. යේසුස්වහන්සේ මෙසේ කියා පිටත්ව ගොස් ඔවුන් කෙරෙන් සැඟවුණුසේක.