දේවමාළිගාව මැදින් කිසි භාජනයක් ගෙනයන්ට කිසිවෙකුට ඉඩ නුදුන්සේක.
ඔව්හු යෙරුසලමට පැමිණියෝය. උන්වහන්සේ දේවමාළිගාවට ඇතුල්ව, එහි විකුණමින්ද මිලේට ගනිමින්ද සිටි අය පිටතට පන්නාහරින්ට පටන්ගෙන, මිලමාරුකරන්නන්ගේ මේසද පරෙවියන් විකුණන්නන්ගේ ආසනද පෙරළා දමා,
උන්වහන්සේ උගන්වමින් ඔවුන්ට කියනසේක්: මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤා ගෘහයකැයි කියනු ලබන්නේයයි ලියා තිබෙනවා නොවේද? නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කළහුයයි කීසේක.