එවිට ඔහු නිශ්ශබ්ද වන ලෙස බොහෝ දෙනෙක් ඔහුට සැරකළෝය. නුමුත් ඔහු: දාවිත්ගේ පුත්‍රය, මට කරුණා කළ මැනවයි වඩ වඩා මොරගැසුවේය.
ස්වාමිනි, කරුණාවත් ඔබට අයිති බවත්ය. මක්නිසාද ඔබ එක එක මනුෂ්‍යයාට ක්‍රියාවේ හැටියට ප්‍රතිඵල දෙනසේක.
නුඹලා මා සොයනවා ඇත, නුඹලාගේ මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බවෙනවා ඇත.
එකල උන්වහන්සේ විසින් දරුවන් පිට අත් තබා යාච්ඤාකරන පිණිස ඔව්හු උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය. ගෝලයෝ ඔවුන්ට සැරකළෝය.
ඔවුන් නිශ්ශබ්දවන පිණිස සමූහයා ඔවුන්ට සැරකළෝය. නුමුත් ඔව්හු: ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රය, අපට කරුණාකළ මැනවයි වඩ වඩා මොරගැසුවෝය.
යේසුස්වහන්සේ එතැනින් යන කල අන්ධයෝ දෙදෙනෙක්: දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට කරුණාකළ මැනව කියා මොරගසමින් උන්වහන්සේ පස්සේ ගියෝය.
ඔව්හු ළදරුවන් පිට උන්වහන්සේගේ අත තබවාගන්න පිණිස ඔවුන් උන්වහන්සේ ළඟට ගෙනාවෝය. නුමුත් ගෝලයෝ ඔවුන්ට සැරකළෝය.
උන්වහන්සේ කථාකරද්දීම සිනගෝගයේ මුලාදෑනියාගේ ගෙදරින් සමහරු ඇවිත්: නුඹේ දුව මැරුණාය; ආචාරීන්වහන්සේට තවත් කුමට වෙහෙසකරන්නෙහිදැයි කීවෝය.
පෙරටුවෙන් ගිය අය ඔහු නිශ්ශබ්ද වෙන පිණිස ඔහුට තරවටුකළෝය. නුමුත් ඔහු ශබ්ද නගා: දාවිත්ගේ පුත්‍රය, මට කරුණාකළ මැනවයි තව වඩ වඩා මොරගැසුවේය.
සියලු යාච්ඤාවලින්ද ඉල්ලීම්වලින්ද සියලු කාලවලදී ආත්මයාණන් කරණකොටගෙන යාච්ඤාකරන්න.
උන්වහන්සේ මාංසවත්ව සිටි දවස්වලදී තමන්වහන්සේ මරණයෙන් ගළවන්ට පුළුවන්වූ තැනන්වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්ත යාච්ඤා සහ කන්නලව් ඔප්පුකර, තමන්ගේ දේවභය නිසා උත්තර ලැබ,