ධනවන්තයෙකු ස්වර්ගරාජ්‍යයට ඇතුල්වීමට වඩා ඉදිකටු සිදුරෙන් ඔටුවෙකුට යන්ට පහසුයයි කීසේක.
තමාගේ වස්තුව කෙරෙහි විශ්වාසකරන්නා වැටෙන්නේය; එහෙත් ධර්මිෂ්ඨයා අමු කොළයක් මෙන් සශ්‍රීකවෙයි.
කූෂ් වැසියාට තමාගේ හමවත් අඳුන් දිවියාට උගේ තිත්වත් වෙනස්කරන්ට පුළුවන්ද? පුළුවන් නම්, නපුර කරන්ට පුරුදුව සිටින නුඹලාටත් යහපත කරන්ට පුළුවන්වේ.
අන්ධවූ මගපෙන්වන්නෙනි, නුඹලා මදුරුවා බේරාදමා ඔටුවා ගිලගන්නහුය.
ඔව්හු අතිශයින් මවිතවී: එසේ නම් ගැළවෙන්ට පුළුවන් කාටදැයි උන්වහන්සේට කීවෝය.
ධනවතෙකු දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීමට වඩා ඉදිකටුවක සිදුරෙන් ඔටුවෙකුගේ ගමන පහසුයයි කීසේක.