ඒ ස්ත්‍රී ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකු සරණපාවා ගන්නී නම්, ඈද කාමමිථ්‍යාචාරය කරන්නීයයි කීසේක.
මම නුඹලාට කියමි: වේශ්‍යාකමට මිස වෙන කාරණයකට තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නුමුත් ඇය කාමමිථ්‍යාචාරයට පමුණුවන්නේය. යමෙක් අත්හරිනු ලැබූ ඇය විවාහකරගන්නේ නම් ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේය.
(නුමුත් ඈ අහක්ව ගියොත් විවාහ නොවී සිටීවා, නැතහොත් ඇගේ පුරුෂයා හා සමඟිවේවා); පුරුෂයාද තමාගේ භාර්යාව අත් නොහරීවා.
යම් ස්ත්‍රියෙකුට නොඇදහිලිකාර පුරුෂයෙක් ඇත්නම්, ඔහු ඈ සමඟ වාසයකරන්ට කැමතිනම්, ඈ ඔහු අත් නොහරීවා.