එකෙණෙහිම කුෂ්ඨය ඔහුගෙන් පහවී, ඔහු පවිත්‍රකරනු ලැබීය.
මක්නිසාද උන්වහන්සේ කථාකළ පමණින් ඉෂ්ටවිය; ආඥාකළ පමණින් ස්ථිරවිය.
එවිට යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: ස්ත්‍රිය, නුඹේ ඇදහිල්ල මහත්ය. නුඹේ කැමැත්ත ලෙසම ඔබට වේවයි කීසේක. ඒ පැයේ පටන් ඇගේ දුව සුවපත්වූවාය.
උන්වහන්සේ ඇවිත් ඇගේ අත අල්ලා ඈ නැගිටෙවුසේක; එවිට උණරෝගය ඈ කෙරෙන් පහව ගියේය, ඈ ඔවුන්ට උපස්ථානකළාය.
උන්වහන්සේ අනුකම්පාවෙන් යුක්තව අත දිගුකොට ඔහු පිට තබා: කැමැත්තෙමි, පවිත්‍රවෙන්නැයි ඔහුට කීසේක.
උන්වහන්සේ: කිසිවෙකුට කිසිවක් නොකියන්ට බලාගන්නැයි ඔහුට තදින් අණකොට–
එකෙණෙහිම ඇගේ ලේ ධාරාව වියළී ගොස්, ඒ පීඩාවෙන් ඈට සුවය ලැබුණු බව ඇගේ ශරීරය තුළෙහි ඈට දැනුණේය.
මා විසින් නුඹලාට කී වචනය කරණකොටගෙන නුඹලා දැන් පවිත්‍රය.