යක්ෂයා දුරුකරනු ලැබූ විට ගොළුවා කථාකළේය. එකල සමූහයෝ මවිතව: මෙබන්දක් ඉශ්‍රායෙල්හි කිසිකලෙක දකින්ට ලැබුණේ නැතැයි කීවෝය.
ඉශ්‍රායෙල් රජු තමාගේ ඇඳුම් ඉරාගත් බව දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ එලිෂා අසා: නුඹ මක්නිසා නුඹේ ඇඳුම් ඉරාගත්තෙහිද? ඔහු මා ළඟට ආවාවේ, එවිට ඔහු ඉශ්‍රායෙල්හි අනාගතවක්තෘ කෙනෙකු සිටින බව දැනගන්නේයයි රජුට කියා ඇරියේය.
දෙවියන්වහන්සේ යූදාහි ප්‍රසිද්ධසේක. ඉශ්‍රායෙල්හි උන්වහන්සේගේ නාමය උතුම්ය.
එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව ගී කියන්නේය. මක්නිසාද කාන්තාරයෙහි ජලයද මරුකතරෙහි දොළ පාරවල්ද බිඳඑන්නේය.
ඔබ අද දවස දක්වාම මිසර දේශයෙහිත් ඉශ්‍රායෙල්වරුන්ද වෙන මනුෂ්‍යයන්ද අතරෙහිත් ලකුණු සහ ආශ්චර්යයන් තබා, අද තිබෙන ලෙස ඔබට නාමයක් උපදවාගත්සේක.
යේසුස්වහන්සේ ඒ අසා, මවිතව, තමන් අනුව එන්නන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි, ඉශ්‍රායෙල්හිවත් මෙබඳු මහත් ඇදහිල්ලක් නුදුටිමි.
ඔවුන් පිටත්ව යන අතර යක්ෂාවේශවූ ගොළුවෙක් උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දේය.
ඔහු නැගිට එකෙණෙහිම යහන රැගෙන සියල්ලන් ඉදිරියෙහි පිටත්ව ගියේය; ඒ නිසා සියල්ලෝම විස්මපත්වී: මෙබඳු දෙයක් කවදාවත් නුදුටිමුව කියා දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෝය.
උන්වහන්සේ ගොළු යක්ෂයෙකු දුරුකරමින් සිටිසේක. තවද යක්ෂයා දුරුවූ කල ගොළුවා කථාකෙළේය; සමූහයෝ පුදුමවූවෝය.
යේසුස්වහන්සේ ඒ අසා, ඔහු ගැන මවිතව, හැරී තමන් අනුව ආ සමූහයාට කථාකොට: ඉශ්‍රායෙල්වරුන් අතරේවත් මෙබඳු මහත් ඇදහිල්ලක් මට සම්බවුණේ නැතැයි නුඹලාට කියමියි කීසේක.