Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



මතෙව් 8:30

Sinhala Revised Old Version

ඔවුන්ට දුරින් මහත් ඌරු රැළක් ගොදුරු කමින් සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

ගොනෙකු මරන අය මනුෂ්‍යයෙකු මරන්නෙකු මෙන් වේ; බැටළු වස්සෙකු පූජාකරන අය බල්ලෙකුගේ බෙල්ල කඩන අය මෙන් වේ; ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නෙකු මෙන් වේ; කට්ටකුමංචල් දවන අය පිළිමයකට බුහුමන් කරන අය මෙන් වේ. එසේය, ඔව්හු තමුන්ගේම මාර්ග තෝරාගත්තෝය, ඔවුන්ගේ ආත්මයද ඔවුන්ගේ පිළිකුල්වලට ප්‍රියවේ.

ඌරා, කුරය බෙදී වෙන්ව තිබෙන නුමුත් වමාරානොකන නිසා ඌ නුඹලාට අපවිත්‍රය.

ශුද්ධ දේ බල්ලන්ට නොදෙන්න, නුඹලාගේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න, සමහරවිට උන් ඒවා පයින් පාගා හැරී නුඹලා ඉරාදමන්ට පුළුවන.

බලව, ඔව්හු මොරගසමින්: දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෙනි, ඔබට අපෙන් කම මොකද? කාලයට ප්‍රථමයෙන් අපට වදදෙන්ට ඔබ මෙහි ආසේක්දැයි කීවෝය.

යක්ෂයෝද: ඔබ අප දුරුකරනසේක්නම්, ඌරු රැළට වැහෙන්ට අප හැරිය මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.

එතැන කන්ද අයිනේ මහත් ඌරු රැළක් ගොදුරු කමින් සිටියේය.

එතැන කන්දේ මහත්වූ ඌරු රැළක් ගොදුරු කමින් සිටියෝය. උන්ට වැහෙන්ට යක්ෂයෝ උන්වහන්සේගෙන් අවසර ඉල්ලුවෝය. උන්වහන්සේ ඔවුන්ට අවසර දුන්සේක.

ඌරාගේ කුරය බෙදී තිබෙන නුමුත් ඌ වමාරා නොකන නිසා නුඹලාට අපවිත්‍රය. නුඹලා උන්ගේ මස් නොකෑ යුතුය, උන්ගේ මළකුණු ස්පර්ශනොකළ යුතුය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්