සවස්වු කල යක්ෂාවේශවූ බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය. උන්වහන්සේ වචන මාත්‍රයකින් ආත්මයන් දුරුකළසේක, රෝගාතුරවූ සියල්ලන් සුවපත් කළසේක.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන්දී උන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කොට උන්වහන්සේගේ ආඥාවලට කන්දෙමින් උන්වහන්සේගේ සියලු නියෝග රක්ෂාකරන්නෙහිනම් මිසරවරුන් පිට මා පැමිණෙවු රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපමුණුවන්නෙමි. මක්නිසාද මම වනාහි නුඹ සුවකරන්නාවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.
එවිට යක්ෂාවේශවූ අන්ධ ගොළුවෙක් උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දේය. උන්වහන්සේ ඔහුව සුවකළසේක, එහෙයින් ඒ ගොළුවාට කථාකරන්ටද දකින්ටද පුළුවන්විය.
උන්වහන්සේ නික්මවිත්, මහත් සමූහයක් දැක, ඔවුන් කෙරෙහි අනුකම්පාවී, ඔවුන්ගේ රෝගීන් සුවකළසේක.
ඇගේ අත ඇල්ලූසේක, එවිට උණ රෝගය ඇගෙන් පහව ගියේය; ඈ නැගිට උන්වහන්සේට උපස්ථාන කළාය.
ඌරු රැකවල්ලු පලාගොස් නුවරට පැමිණ ඒ සියල්ලත් යක්ෂාවේශවූවන්ට සිදුවූ දේත් කීවෝය.
එවිට, ඔව්හු ඇඳක ඔත්පළව හුන් අංශභාග රෝගියෙකු උන්වහන්සේ ළඟට ගෙනාවෝය. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක: පුත්‍රය, ධෛර්යවත්වෙන්න; නුඹේ පව් කමාකරනලද්දේයයි අංශභාග රෝගියාට කීසේක.
එකල සතරදෙනෙකු විසින් උසුලනලද අංශභාග රෝගියෙකු රැගෙන ඔව්හු උන්වහන්සේ වෙතට ආවෝය.
එසේ කීවේ: අශුද්ධාත්මය, මොහුගෙන් දුරුවෙවයි උන්වහන්සේ ඔහුට කී නිසාය.
සමූහයක් දුව එමින් රැස්වෙන බව යේසුස්වහන්සේ දුටු කල, උන්වහන්සේ අශුද්ධාත්මයට තරවටුකර: ගොළු බිහිරි ආත්මය, මොහු කෙරෙන් පහව යව, තවත් මොහුට ආවේශ නොවන්ට ඔබට අණකරමියි කීසේක.
යේසුස්වහන්සේ ඈ දැක අඬගසා: ස්ත්‍රිය, නුඹේ දුර්වලකමින් නුඹ මිදුණෙහිය කියා, ඈ පිට අත් තැබූසේක.
ඉර බසින කල අනේකාකාර රෝගවලින් පීඩිතවූ රෝගකාරයන් ඇති සියල්ලෝම උන්වහන්සේ වෙතට ඔවුන් ගෙනාවෝය; උන්වහන්සේ ඔවුන් එකිනෙකා පිට අත් තබා, ඔවුන් සුවපත් කළසේක.
යක්ෂයෝද: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය කියා මහත් ශබ්ද පවත්වමින්, බොහෝ දෙනෙකුගෙන් දුරුවුණෝය. උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි ඔවුන් දැනගන සිටි නිසා උන්වහන්සේ ඔවුන්ට සැරකරමින් කථාකරන්ට ඉඩ නුදුන්සේක.
එහෙයින් පේතෘස් එන විට ඔහුගේ සෙවණැල්ල පමණවත් යම් රෝගියෙකු පිට වැටෙන පිණිස ඔව්හු ඔවුන් පිටත වීථිවලට ගෙනැවිත් ඇඳන්වලද යහන්වලද තැබුවෝය.