නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව, නුඹේ සතුරාට වෛරකරවයි කී බව නුඹලා අසා තිබේ.
නුමුත් මා විසින් ඔවුන්ට විපාක දෙන පිණිස, ස්වාමිනි, මට කරුණාකොට මා නැගිටෙවුව මැනව.
පළිගන්නේවත් නුඹේ සෙනඟගේ පුත්‍රයන්ට විරුද්ධව කිසි වෛරයක් පවත්වන්නේවත් නැතුව නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරන්න. මම ස්වාමීන්වහන්සේය.
නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව; තමාට මෙන් තමාගේ අසල්වාසියාට ප්‍රේමකරව යන මේවායයි කීසේක.
මිනී නොමරව, මිනීමරන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙකැයි පුරාතනයන්ට කී බව නුඹලා අසා තිබේ.
කාමමිථ්‍යාචාරය නොකරවයි කී බව නුඹලා අසා තිබේ.
අම්මොනියයෙක්වත් මෝවබියයෙක්වත් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය: ඔවුන්ගෙන් පැවතඑන කිසිවෙක් දසවෙනි පරම්පරාව දක්වාත් කවදාවත් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය.
නුඹේ සියලු දවස්වල සදාකාලයටම ඔවුන්ගේ සමාදානයවත් ඔවුන්ගේ ශුභසිද්ධියවත් නොසොයන්න.
නුඹලා මිසරයෙන් ආ කල්හි අමලෙක් විසින් මගදී කළ දේ,
එසේ වුවත්: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යන රාජකීය ව්‍යවස්ථාව ලියවිල්ලේ හැටියට පවත්වන්නහු නම්, නුඹලා කරන එක යහපත්ය.
දෙවියන්වහන්සේට ප්‍රේම කරන තැනැත්තේ තමාගේ සහෝදරයාටත් ප්‍රේමකරාවා යන මේ ආඥාව අපි උන්වහන්සේගෙන් ලැබීමුව.