පසුවදා, එනම් සූදානම් කිරීමේ දවසට පසුවදා, නායක පූජකයෝද ඵරිසිවරුද පිලාත් ළඟට රැස්ව ඇවිත්:
මුහුන් නොදැමූ රොටි කන පළමුවෙනි දවසේ ගෝලයෝ යේසුස්වහන්සේ ළඟට ඇවිත්: ඔබ පාස්කුව කන පිණිස අප විසින් කොතැන පිළියෙළකරනවාට කැමතිසේක්දැයි ඇසුවෝය.
ඒ දවස සූදානම්කිරීමේ දවස වන සබත් දවසට ප්‍රථම දවස බැවින්, සවස්වූ කල,
ඒ වනාහි පාස්කුව සූදානම්කිරීමේ දවසේ හවෙනි පැය පමණ විය. ඔහු: මෙන්න, නුඹලාගේ රජ! යයි යුදෙව්වරුන්ට කීවේය.
ඒ දවස සූදානම්වීමේ දවස බැවින්, සබත් දවසේදී ශරීර කුරුසියෙහිම නොතිබෙන පිණිස, ඔවුන්ගේ කෙණ්ඩා බිඳුවා, ඔවුන් පහකරන්ට යුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලුවෝය. මක්නිසාද ඒ සබත් දවස මහත් දවසක්ය.
ඒ සොහොන්ගෙය ළඟ තිබුණු බැවින්, යුදෙව්වරුන්ගේ සූදානම්වීමේ දවස නිසා, ඔව්හු යේසුස්වහන්සේව එහි තැබුවෝය.