යෝසෙප් මිනිය ගෙන පිරිසිදු හණ රෙද්දකින් වෙළා,
උන්වහන්සේ මේ කන්දේදී සියලු ජනයන් කෙරෙහි වසා තිබෙන වැස්මත් සියලු ජාතීන් කෙරෙහි අතුරා තිබෙන තිරයත් නැතිකරදමනසේක.
පිලාත් ළඟට ගොස්, යේසුස්වහන්සේගේ මිනිය ඉල්ලුවේය. එවිට පිලාත් එය භාරදෙන්ට අණකෙළේය.
තමා විසින් පර්වතයෙහි කප්පවා තිබුණ තමාගේම අලුත් සොහොන්ගෙයි තබා, එහි දොරකඩට මහත් ගලක් පෙරළා තබා ගියේය.
ඔහු හණ රෙද්දක් මිලේට ගෙන, උන්වහන්සේ බාගෙන ඒ රෙද්දෙහි ඔතා, පර්වතයක කපනලද සොහොන්ගෙයක තබා, එහි දොරකඩට ගලක් පෙරළා තැබුවේය.
ඔහු ඒක බාගෙන, සිහින් හණ රෙද්දකින් වෙළා, ඒ දක්වා කිසිවෙකු නොතැබුවාවූ ගලක කපනලද සොහොන් ගෙයක උන්වහන්සේ තැබුවේය.