කුමක්හෙයින්ද එය වනාහි අන් රටකට යන මනුෂ්‍යයෙක් තමාගේ දාසයන් කැඳවා, ඔවුන්ට තමා සන්තක දේ භාරදෙන්නාක්මෙන්ය.
තවත් උපමාවක් අසන්න: එක් ගෙදර ස්වාමියෙක් මිදිවත්තක් වවා, වටේට වැට බැඳ, එහි මුද්‍රික යන්ත්‍රයක් හාරා තබා, කොතක් බැඳ ගොවීන්ට බදුදී, වෙන රටකට ගියේය.
ඒ වනාහි තමාගේ දාසයන්ට බලයද එකිනෙකාට තම තමාගේ වැඩද දී, අවදිව සිටින්නැයි දොරටුපාලයාට අණ දී, තමාගේ ගෙදරින් පිටත්ව ගොස් අන් රටක නැවතී සිටින මනුෂ්‍යයෙකුට සමානය.
උන්වහන්සේ සෙනඟට මේ උපමාව කියන්ට පටන්ගෙන: මනුෂ්‍යයෙක් මිදිවත්තක් වවා, ගොවීන්ට බදුදී, බොහෝ කලකට වෙන රටකට ගියේය.
ඉතින් නානාප්‍රකාර දීමනා ඇත්තේය, නුමුත් එක ආත්මයාණන් වහන්සේය.
ඉඳින් අපොල්ලොස් කවුද? පාවුල් කවුද? ස්වාමීන්වහන්සේ එකිනෙකාට දුන් ලෙස නුඹලා ඇදහීමට පැමිණෙවු සේවකයෝය.
උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගතවක්තෘවරුන්ද සමහරුන් ශුභාරංචිය ප්‍රකාශකරන්නන්ද සමහරුන් සභාපාලකයන්ද සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක.