එකල යමෙක් කථාකොට: බලව, ක්‍රිස්තුස්වහන්සේ මෙතනය නොහොත් එතනයයි නුඹලාට කියන්නේ නම් විශ්වාස නොකරන්න.
එකල: මෙන්න ක්‍රිස්තුස්වහන්සේ මෙහිය; නොහොත්: අන්න එහියයි යමෙක් නුඹලාට කීවොත් විශ්වාස නොකරන්න.
උන්වහන්සේ කියනසේක්: මුළා නොවෙන්ට බලාගන්න. මක්නිසාද මාගේ නාමයෙන් බොහෝ දෙනෙක් ඇවිත්–ඒ මමය කියාත් කාලය ළඟය කියාත් කියන්නෝය. ඔවුන් පස්සේ නොයන්න.
මම මාගේ පියාණන්වහන්සේගේ නාමයෙන් ඇවිත් සිටිමි, නුමුත් නුඹලා මා පිළිගන්නේ නැත. වෙන කෙනෙක් තමාගේම නාමයෙන් එන්නේ නම්, නුඹලා ඔහු පිළිගන්නවා ඇත.
නුමුත් සියයකට මුලාදෑනියා පාවුල් කී දේවලට වඩා නැව්පතියාගේද නැව අයිතිකාරයාගේද කීම සැලකුවේය.