තවද: යමෙක් පූජාසනය ගැන දිවුළොත් එයින් කාරියක් නැත කියාද යමෙක් ඒ පිට තිබෙන පඬුර ගැන දිවුළොත් ඔහු බැඳී සිටීය කියාද නුඹලා කියන්නෝය.
යමෙක් තමාගේ අසල්වාසියාට විරුද්ධව වරද කොට, ඔහු දිවුරවන පිණිස දිවුරුමක් ඔහු පිට තබනලදුව, ඔහු ඇවිත් මේ ගෘහයේ ඔබගේ පූජාසනය ඉදිරිපිට දිවුළොත්,
මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේට බාරයක් වුණොත් නොහොත් යමකින් වැලකීමට බැඳෙන හැටියට දිවුරුමක් දිවුළොත් ඔහු තමාගේ වචනය කඩනොකර තමාගේ මුඛයෙන් නික්මෙන සියල්ල ලෙස කෙරේවා.
අන්ධවූ මග පෙන්වන්නෙනි, නුඹලාට දුක්වේ! මක්නිසාද: යමෙක් දේවමාළිගාව ගැන දිවුළොත් එයින් කාරියක් නැත කියාද යමෙක් දේවමාළිගාවේ රන් ගැන දිවුළොත් ඔහු බැඳී සිටීය කියාද නුඹලා කියන්නෝය.
අඥානයෙනි, අන්ධයෙනි, වඩා උතුම් කොයි එකද? රන්ද? රන් විශුද්ධකළ දේවමාළිගාවද?
අන්ධයෙනි, වඩා උතුම් කොයි එකද? පඬුරද? පඬුර විශුද්ධකරන පූජාසනයද?
එහෙත්–මාගෙන් ඔබට ප්‍රයෝජනවෙන්ට පුළුවන්ව තිබුණු දේ කොර්බාන්, එනම් පඬුරක්යයි යම් මනුෂ්‍යයෙක් පියාටවත් මවුටවත් කීවොත්,
එසේය, චර්මඡේද්‍යය ලබන සෑමදෙනම මුළු ව්‍යවස්ථාව පැවැත්වීමට ණයකාරයෝව සිටින්නෝයයි නැවත සාක්ෂිදෙමි.