නුඹලා නායකයෝයයි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ නායකයාණෝ එක්කෙනෙක්මය. එනම් ක්‍රිස්තුස්වහන්සේය.
නුමුත් නුඹලා අතරෙන් ඉතා උත්තමයා නුඹලාගේ සේවකයා වන්නේය.
නුමුත් නුඹලා රබ්බියි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ ආචාරීන්වහන්සේ එක්කෙනෙක්මය, නුඹලා සියල්ලෝම සහෝදරයෝය.
පොළොවෙහි කාටවත් පියාණෝයයි නොකියන්න. මක්නිසාද නුඹලාගේ පියාණෝ එක්කෙනෙක්මය, එනම් ස්වර්ගයෙහි සිටින උන්වහන්සේමය.
උන්වහන්සේ: නුවර අසවලා ළඟට ගොස් ඔහුට කථාකොට–මාගේ කාලය ආසන්නය; මාගේ ගෝලයන් සමඟ නුඹේ ගෙදරදී පාස්කුව පවත්වමියි ආචාරීන්වහන්සේ කියනසේකැයි ඔහුට කියන්නැයි කීසේක.
නානාප්‍රකාර සේවයකිරීම් ඇත්තේය, නුමුත් එක ස්වාමීන්වහන්සේය.