කොටළුදෙනත් පැටියත් ගෙනවුත් තමුන්ගේ වස්ත්‍ර උන් පිට එළුවෝය; උන්වහන්සේ ඒ පිට හිඳගත්සේක.
එවිට ඔව්හු ඉක්මන්ව එකිනෙකා තම තමාගේ වස්ත්‍රය රැගෙන ඔහුට යටින් ඒවා පඩිපෙළ මත්තෙහි එළා, හොරණෑ පිඹ: යේහු රජ්ජුරුවෝයයි කීවෝය.
නුඹලා ඉදිරිපිට තිබෙන ගමට යන්න, ගිය කෙණෙහිම එහි කොටළුදෙනක්ද ඈ සමඟ පැටවෙක්ද බැඳ සිටිනවා නුඹලාට සම්බවෙයි. උන් ලිහා මා ළඟට ගෙනෙන්න.
ගෝලයෝ ගොස් යේසුස්වහන්සේ නියමකළ ලෙස කර,
සමූහයාගෙන් වැඩිදෙනා තමුන්ගේ වස්ත්‍ර මග අතුළෝය; තවත් සමහරු ගස්වලින් අතු කපා මග අතුළෝය.