Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



මතෙව් 20:30

Sinhala Revised Old Version

පාර අද්දර ඉඳගනහුන් අන්ධයන් දෙදෙනෙක් යේසුස්වහන්සේ ඒ ළඟින් යන බව අසා: ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රය, අපට කරුණාකළ මැනවයි මොරගැසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

21 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ අන්ධයන්ගේ ඇස් පහදනසේක; ස්වාමීන්වහන්සේ නැමී ගියවුන් කෙළින් සිටුවනසේක; ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ට ප්‍රේමකරනසේක;

ඒ දවසෙහි බිහිරන් පොතේ වචන අසනවා ඇත, කළුවරෙහිත් අන්ධකාරයෙහිත් සිටින අන්ධයන්ගේ ඇස්ද පැහැදෙනවා ඇත.

අන්ධයන් ඔවුන් නොදත් මාර්ගයකින් ගෙනයන්නෙමි; ඔවුන් නොදන්නා මාවත්වලින් යන්ට සලස්වන්නෙමි. ඔවුන් ඉදිරියෙහි අන්ධකාරය එළිය කොට, ඇද තැන් ඇද අරින්නෙමි. මම මේ දේවල් කරන්නෙමි, ඔවුන් අත්නාරින්නෙමි.

බිහිරෙනි, අසන්න; අන්ධයෙනි, දකින පිණිස බලන්න.

අන්ධයන් මෙන් අපි භිත්තිය අතගගා යමුව, එසේය, ඇස් නැත්තන් මෙන් අපි අතගගා යමුව. අඳුරේදී මෙන් අපි ඉරමුදුන් වේලාවේ පැකිල, මළවුන් මෙන් ඝනාන්ධකාරයෙහි සිටිමුව.

ඔහු වපුරන කල්හි සමහර බීජ මග අසල වැටුණේය, පක්ෂීහු ඇවිත් ඒවා අවුලා කෑවෝය.

බලව, කානානිය ස්ත්‍රියෙක් එහි සීමාවල සිට පිටත්ව ඇවිත්: දාවිත්ගේ පුත්‍රවූ ස්වාමිනි, මට කරුණාකළ මැනව; මාගේ දුව බලවත්ලෙස යක්ෂාවේශව සිටින්නීයයි කීවාය.

ඔවුන් නිශ්ශබ්දවන පිණිස සමූහයා ඔවුන්ට සැරකළෝය. නුමුත් ඔව්හු: ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රය, අපට කරුණාකළ මැනවයි වඩ වඩා මොරගැසුවෝය.

අන්ධයෝද කොරුද දේවමාළිගාවෙහි උන්වහන්සේ වෙතට ආවෝය. උන්වහන්සේ ඔවුන්ට සුවකළසේක.

පෙර පසුව ගිය සමූහයෝ: දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නාය කියාත්, ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය කියාත්, ඉතා උස්තැන්හි හෝසන්නාය කියාත් මොරගැසුවෝය.

ක්‍රිස්තුස් ගැන නුඹලා කුමක් සිතවුද? උන්වහන්සේ කාගේ පුත්‍රයාදැයි ඇසූසේක. දාවිත්ගේ පුත්‍රයායයි ඔව්හු කීවෝය.

ඔව්හු යෙරිකෝවට පැමිණියෝය. උන්වහන්සේ තමන් ගෝලයන් හා මහත් සමූහයක් සමඟ යෙරිකෝවෙන් පිටත්ව යන කල තිමේයුස්ගේ පුත්‍රවූ බර්තිමේයුස් නම් අන්ධවූ හිඟන්නෙක් පාර අයිනේ ඉඳගන උන්නේය.

ස්වාමීන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනාකරන්ට උන්වහන්සේ මා ආලේපකළසේක; වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශකරන්ටද මඩනාලද්දවුන් නිදහස්කර හරින්ටද

ඒ පැයේදී උන්වහන්සේ බොහෝ දෙනෙකුගේ රෝගද ව්‍යාධිද සුවකර, දුෂ්ටාත්ම පහකර, නොයෙක් අන්ධයන්ට පෙනීම දුන්සේක.

එහෙයින් ඔහු අනාගතවක්තෘ කෙනෙක්ව, ඔහුගේ වංශයෙන් කෙනෙකු ඔහුගේ සිංහාසනය පිට හිඳුවනසේකැයි දෙවියන්වහන්සේ දිවුරුමකින් ඔහුට දිවුළ බව දැනගත්තේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්