එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් රහසින් කැඳවා, තාරකාව කොයි කාලයෙහි පෙනුණේදැයි හරියාකාරයෙන් ඔවුන්ගෙන් දැනගෙන:
ඔහුගේ කට වෙඬරු මෙන් සිනිදුව තිබුණේය, නුමුත් ඔහුගේ සිතෙහි යුද්ධය විය. ඔහුගේ වචන තෙලට වඩා මොළොක්ව තිබුණේය, එහෙත් ඒවා ඇදගත් කඩුය.
එන්න, ඔවුන් බෝනොවන පිණිසත් යම් යුද්ධයක් සිදුවන කල අපේ සතුරන්ට එක්ව අපට විරුද්ධව සටන්කොට දේශයෙන් පිටවී නොයන පිණිසත් ඔවුන් සමඟ නුවණින් ක්‍රියාකරමුයයි කීවේය.
මම උන්වහන්සේ දකිමි, එහෙත් දැන් නොවේ. මම උන්වහන්සේ බලමි, එහෙත් ළඟදීම නොවේ. යාකොබ්ගෙන් තාරකාවක් නික්මෙන්නේය, ඉශ්‍රායෙල්ගෙන් ජයකොන්තයක් නැගී එන්නේය, එය මෝවබ් දෙකෙළවර නටබුන්කර සියලු කලහකාර පුත්‍රයන් බිඳ හෙළන්නේය.
තවද හෙරොද් රජුගේ දවස්වල යුදයේ බෙත්ලෙහෙම්හි යේසුස්වහන්සේ උපන් කල, පූර්වදිශාවෙන් ශාස්ත්‍රවන්තයෝ යෙරුසලමට ඇවිත්:
එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් විසින් තමා රවටනු ලැබූ බව දැක, ඉතා උදහස්ව, ඔවුන්ගෙන් හරියාකාර දැනගත් කාලයේ හැටියට, මනුෂ්‍යයන් යවා, බෙත්ලෙහෙම්හිද එහි සියලු සීමාවලද සිටි දෑවුරුදු වයස්වූද ඊට බාලවූද සියලු පිරිමි දරුවන් මැරෙවුවේය.
නුඹලා ගොස් ඒ ළදරුවා ගැන හරියාකාරයෙන් විභාගකරන්න; නුඹලාට සම්බවූ කල, මාත් ගොස් උන්වහන්සේට නමස්කාරකරන පිණිස මට දන්වන්නය කියා, ඔවුන් බෙත්ලෙහෙමට යැවීය.
නුමුත් පීලික්ස් ඒ මාර්ගය ගැන කාරණා වඩා හරිලෙස දැන සිටියේ, අධිපතිවූ ලිසියස් ආ කල නුඹලාගේ කාරණය තීන්දුකරන්නෙමියි කියා ඔවුන් නැවැත්තුවේය.
සර්පයාද ඒ ස්ත්‍රිය සැඩපාරෙන් ගහගනයන්ට සලස්වන පිණිස ඈ පස්සෙන් ගංගාවක් ලෙස වතුර උගේ කටින් නික්මවා ඇරියේය.
සාවුල් ඊට ප්‍රසන්නවී කථාකොට: පිලිස්තිවරුන්ගේ අත ඔහු පිටට වැටෙන පරිද්දෙන් ඔහුට ඈ මලපතක් වෙන පිණිස ඈ ඔහුට දෙන්නෙමියි කීවේය. එබැවින් සාවුල් දෙවෙනි වතාවට දාවිත්ට කථාකොට: නුඹ අද මාගේ බෑනාවෙන්ට ඕනෑයයි කීවේය.