ඵරිසිවරු උන්වහන්සේ ළඟට පැමිණ උන්වහන්සේ පරීක්ෂාකරමින්: යමෙකු විසින් කොයියම් කාරණයක් නිසාවත් තමාගේ භාර්යාව අත්හැරිය යුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
ඵරිසිවරුද සද්දුසිවරුද ඇවිත් උන්වහන්සේ පරීක්ෂාකරමින්, තමුන්ට අහසෙන් ලකුණක් පෙන්වන්ට උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.
ඔවුන් අතරෙන් ව්‍යවස්ථාව උගන්වන්නෙක් උන්වහන්සේ පරීක්ෂාකරමින්:
ඵරිසිවරු උන්වහන්සේ වෙතට ඇවිත් උන්වහන්සේ පරීක්ෂාකරමින්: පුරුෂයෙකු විසින් තමාගේ භාර්යාව අත්හැරිය යුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
ඔව්හු කථාවෙන් උන්වහන්සේ අසුකරගන්න පිණිස ඵරිසිවරුන්ගෙන්ද හෙරෝදිවරුන්ගෙන්ද සමහරෙකු උන්වහන්සේ වෙතට යැවුවෝය.
දෙමුද නොදෙමුදැයි උන්වහන්සේට කීවෝය. නුමුත් උන්වහන්සේ ඔවුන්ගේ වංකකම දැන: නුඹලා මා පරික්ෂාකරන්නේ මක්නිසාද? මට බලන්ට මස්සක් ගෙනෙන්නැයි ඔවුන්ට කීසේක.
ඔවුන් මෙසේ ඇසුවේ උන්වහන්සේ පරීක්ෂාකරමින් උන්වහන්සේට වරද තබන්ට කාරණයක් ලබන පිණිසය. නුමුත් යේසුස්වහන්සේ නැමී ඇඟිල්ලෙන් බිම ලිවූසේක.
නුමුත් විවාහවූවන්ට මම ආඥාකරමි, එහෙත් ආඥාකරන්නේ මා නොව ස්වාමීන්වහන්සේය. එනම්, භාර්යාව පුරුෂයාගෙන් අහක්ව නොයේවා,
එහිදී නුඹලාගේ පියවරු මා සෝදිසිකර බැලීමෙන් පරීක්ෂාකොට, සතළිස් අවුරුද්දක් මාගේ ක්‍රියාවන් දුටුවෝය.