එවිට ඒ දාසයා බිම වැටී වැඳ: ස්වාමිනි, මා ගැන ඉවසුව මැනවි, නුඹවහන්සේට සියල්ලම ගෙවන්නෙමියි කීවේය.
එවිට ඔහුගේ සහකාර දාසයා බිම වැටී: මා ගැන ඉවසුව මැනවි, නුඹට ගෙවන්නෙමියි කන්නලව්කෙළේය.
ඔව්හු ගෙට වැද, ළදරුවා ස්වකීය මවුවූ මරියා සමඟ සිටිනවා දැක, බිම වැටී උන්වහන්සේට නමස්කාරකොට, තමුන්ගේ කරඬු හැර, රන්ද කට්ටකුමංචල්ද සුවඳලාටුද යන පඬුරු උන්වහන්සේට පිදුවෝය.
බලව, කුෂ්ඨරෝගියෙක් උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේට වැඳ: ස්වාමිනි, ඔබ කැමතිසේක් නම් මා පවිත්‍රකරන්ට ඔබට පුළුවනැයි කීවේය.
සීමොන් උත්තරදෙමින්: යමෙකුට ඔහු වැඩියෙන් කමාවූයේද ඔහුය කියා මම සිතමියි කීවේය. එවිට උන්වහන්සේ: නුඹේ විනිශ්චය හරියයි ඔහුට කියා,
මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන, තමුන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිරකරන්ට සොයමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නූණෝය.