එවිට පේතෘස් උන්වහන්සේ කැඳවා තරවටු කරන්ට පටන්ගෙන: ස්වාමිනි, එය ඔබ කෙරෙන් දුරුවේවා. ඔබට කිසිකලකත් එසේ සිද්ධ නොවන්නේයයි කීවේය.
මීකායා කැඳවාගන එන්ට ගිය පණිවිඩකාරයා ඔහුට කථාකොට: බලව, ප්‍රොපේතවරුන්ගේ වචන එකලෙස රජු ගැන යහපත පවසති. නුඹේ වචනයත් ඔවුන්ගෙන් එක්කෙනෙකුගේ වචනය මෙන් වෙන පිණිස යහපත කියන්නැයි කීවේය.
එවක් පටන් යේසුස්වහන්සේ, තමන් යෙරුසලමට ගොස් වැඩිමහල්ලන්ගෙන්ද නායක පූජකයන්ගෙන්ද ලියන්නන්ගෙන්ද බොහෝ දේ විඳින්ටත් මරනු ලබන්ටත් තුන්වෙනිදා නැගුටුවනු ලබන්ටත් ඕනෑ බව ගෝලයන්ට දන්වන්ට පටන්ගත්සේක.
නුමුත් උන්වහන්සේ හැරී පේතෘස්ට කථාකොට: සාතන් මා පස්සට යව, නුඹ මට බාධාවක්ය. මක්නිසාද නුඹ මනුෂ්‍යයන්ගේ කාරණා මිස දෙවියන්වහන්සේගේ කාරණා කල්පනාකරන්නේ නැතැයි කීසේක.
උන්වහන්සේ ඒ කීම ප්‍රසිද්ධයෙන් කීසේක. එකල පේතෘස් උන්වහන්සේව කැඳවාගන, උන්වහන්සේට තරවටුකරන්ට පටන්ගත්තේය.