එහෙත්: කවරෙක් නුමුත් පියාට හෝ මවුට හෝ කථාකොට–මාගෙන් ඔබට ප්‍රයෝජන වෙන්ට පුළුවන්ව තිබුණු දේ දෙවියන්වහන්සේට දෙනලදැයි ඔවුන්ට කියන්නේ නම්, ඔහු විසින් පියාට ගෞරව නොකර සිටිය යුතුයයි නුඹලා කියන්නෝය.
මේක කැපයයි ඉක්මන්වී කියා, බාරවල් වුණාට පසු විභාගකිරීම මනුෂ්‍යයෙකුට මලපතක්ය.
නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව; පියා ගැන හෝ මවු ගැන හෝ අගුණ කියන්නා මැරුම්කෑ යුතුමයයි දෙවියන්වහන්සේ කීසේක.
මෙසේ නුඹලා නුඹලාගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන්වහන්සේගේ වචනය අවලංගුකළහුය.
නුමුත් පේතෘස්ද යොහන්ද ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේට ඇහුම්කන්දීමට වඩා නුඹලාට ඇහුම්කන්දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි හරිද කියා නුඹලාම විනිශ්චයකරන්න.
පේතෘස්ද ප්‍රේරිතයෝද උත්තරදෙමින්: මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය.