උන්වහන්සේ සමූහයන්ට බිම හිඳගන්ට අණදී,
යේසුස්වහන්සේ කථාකොට: නුඹලා ළඟ රොටි කීයක් තිබේදැයි ඇසූසේක. රොටි සතකුත් කුඩා මසුන් ස්වල්පයකුත්යයි ඔව්හු කීවෝය.
රොටි සතද මසුන්ද රැගෙන ස්තුතිකොට කඩා, ගෝලයන්ට දුන්සේක, ගෝලයෝද සමූහයන්ට දුන්නෝය.
මනුෂ්‍යයන් හිඳුවන්නැයි යේසුස්වහන්සේ කීසේක. එතැන්හි බොහෝ තණකොළ තිබුණේය. මෙසේ ගණන් වශයෙන් පන්දහසක් පමණ පුරුෂයෝ හිඳගත්තෝය.