ඔහු යොහන් මරන්ට කැමතිව සිටි නුමුත්, යොහන් අනාගතවක්තෘ කෙනෙකු කොට සෙනඟ සැලකූ නිසා ඔවුන්ට භයව සිටියේය.
යෙහෝයාකීම් රජු සහ ඔහුගේ සියලු බලවන්තයන්ද සියලු අධිපතීන්ද ඔහුගේ වචන ඇසූ විට රජ ඔහු මරන්ට සෙවීය; උරියා ඒ අසා භයව පලාගොස් මිසරයට පැමුණුණේය.
නුමුත් කුමකට පිටත්ව ගියහුද? අනාගතවක්තෘ කෙනෙකු බලන්ටද? එසේය, නුඹලාට කියමි: අනාගතවක්තෘ කෙනෙකුටත් වඩා බොහෝ උතුම් කෙනෙක්ය.
මනුෂ්‍යයන්ගෙනැයි කියමු නම්, යොහන් අනාගතවක්තෘ කෙනෙකු කොට සියල්ලන් විසින් සලකන හෙයින් අපි සමූහයාට භයයයි කියා:
මක්නිසාද යොහන් ධර්මිෂ්ඨකම නමැති මාර්ගයෙන් නුඹලා ළගට ආවේය, එහෙත් නුඹලා ඔහු අදහා නොගත්තහුය. නුමුත් සුංගම් අයකරන්නොත් වේශ්‍යාවොත් ඔහු අදහාගත්තෝය. නුඹලා ඒ දැකත් ඔහු අදහාගන්න පිණිස පසුවවත් පසුතැවිලිවුණේ නැත.
මනුෂ්‍යයන්ගෙන්යයි කීවොත්, යොහන් අනාගතවක්තෘ කෙනෙක් කොට මුළු සෙනඟ විශ්වාසකරන බැවින්, ඔවුන් අපට ගල් ගසනවා ඇතැයි කියා,
සිද්ධවුණු දේ ගැන සියල්ලන් දෙවියන්වහන්සේට ප්‍රශංසාකළ බැවින්, සෙනඟ නිසා ඔවුන්ට දඬුවම්කරන්ට අන්දමක් නොදැක, ඔව්හු ඔවුන්ට තව දුරටත් තර්ජනයකොට යන්ට හැරියෝය.
එවිට අධිපතියා සේවකයන් සමඟ ගොස්, බලාත්කාර නොකොට ඔවුන් ගෙනාවෝය; මක්නිසාද සෙනඟ ගල් ගසතියි කියා ඔව්හු භයවූවෝය.